උණුසුම් පුවත්

තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමට සාකච්ඡාවක්

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 28 වන දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි තායිලන්ත රජය උපුටා දක්වමින් එරට මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

2023 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත් ‘මුතුරාජා’ හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වනු ලබයි.

ඉන් එක් ඇතෙකු වයස අවුරුදු 12 දී (1979 දී) තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද පළමු ඇත් පැටවා වන බව ද වාර්තාවල දැක්වෙනවා.

Shares: