දේශීය

ජනතාවට ලංකාවේ ටයිල් සහන මිලකට දෙන්න තීරණයක්

ජනතාවට‍ ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.

ඒ සඳහා රජය විසින් නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා,

“අපේ රටේ පාරිභෝගික ජනතාවට තත්ත්වයෙන් උසස්, ඒ වගේම ගුණාත්මක, කල්පවතින ටයිල් ලබාදීමේ වගකීම කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපිට තියෙනවා. අපේ ආනයනික ටයිල්වල තියෙන කොලිටි එකට වඩා හොඳ ගුණාත්මක ටයිල්, බාත්වෙයාර් සහ අනෙකුත් දේ ලබාදීමට අපිට හැකියාව තියෙනවා. ලංකාවේ අද වෙද්දි ටයිල් කර්මාන්තය සියයට සියයක් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම තියෙන ප්‍රශ්නය ජනතාවට ළඟා වෙන්න පුළුවන් මිලක් නැතිකම. මිල දී ගැනීමේ ශක්තිය වැඩිකරන්න නම් අපි එක්කෝ වියදම අඩු කරන්න ඕනේ. මේක ලොකු අවස්ථාවක් මේ නිසා මේ ආයතනයේ විතරක් ටයිල් කැටයක මිල රු 200කින් අඩුකරන්න පුළුවන්.”

යනුවෙනුයි පැවසුවේ.

Shares: