පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු විසඳීම සඳහා පොලිස්පතිවරයා සමග රැස්වීමක් සංවිධාන කරන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
පසුගිය සඳුදා දිනයේ අදාළ ඉල්ලීම සිදු කළ බවද ඔහු ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මේ දිනවල කථානායකවරයා විදෙස් සංචාරයක නිරතව සිටින අතර අදාළ ලිපිය කථානායක කාර්යාලය මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවයි කරුණාතිලක මහතා පැවසුවේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් දිනයක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළකරන බවයි.










