කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තුන්වැනි මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුව තිබෙනවා.
කොටුව පොලිසිය පැවසුවේ එහි තිබී ටි 56 ජිව උණ්ඩයක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් හමුවූ බවයි.
රේගු මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ සොයාගෙන තිබුණා.
මෙම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා අපරාධ පරීක්ෂණ නිලධාරින් සහ ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරින්, නිල සුනඛ අංශයේ සහාය ඇතිව විමර්ශන කටයුතු සිදු කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ.
කොටුව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ සිදු කරනු ලබයි.









