පොලීසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 32,201 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
එහිදී විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 736 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 271 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.










