2026 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇත්තේ තවත් දිනයක් පමණයි.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගොවීන්, ධීවරයින් ඇතුඵ කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයින් අයවැය සම්බන්ධයෙන් විවිධ මත පළ කරනවා.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස 2026 අයවැය කතාව හෙට (07) සිකුරාදා පස්වරු 1:30ට පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.









