උණුසුම් පුවත්

2026 අයවැය ප්‍රකාශය ඇරඹෙයි.. සම්පුර්ණ කතාව මෙතනින්..

ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

නිදහස් ශ්‍රී ලංකාවේ 80 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුකෙරෙනු ඇති.

අද පස්වරු 01:30 සිට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය ඉදිරිපත් කරන විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹීමට නියමිතයි.

ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්,

* වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා
* උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
* ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණා
* ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් වනු ඇති
* 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරනවා
* ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්
* රාජ්‍ය සේවක වැටුප් මේ වනවිටත් අදියර 3කින් වැඩිකර තිබෙනවා
* දූෂණ විරෝධී වැඩසටහන මගින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙනවා
* රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙනවා
* දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකියි
* 2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2025 වසරේ අ.ඩො.මි 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා
* දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා
* ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
* SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙනවා
* රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ නියාමනය කළමනාකරණය කරනවා
* ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
* බදු සහන ලබාදීම මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිදභාවයක් ඇති කරනවා
* කුමන තනතුරක් දැරුවද වංචා දූෂණවල නිරත වී අපරාධ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දෙනවා
* මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා
* අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක් අත් කර ගැනීම සහ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා විශේෂඥ කමිටුවක්
* රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමග සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
* නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළෙඳ කවුළුවක්
* අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා
* 2025 වසරේදී අ.ඩො.මිලියන 430කින් ආනයන වියදම ඉහළට
* අපේ ණය ප්‍රතිශතය 95%ක ඉලක්කයට දැනටමත් ළංවෙමින් තිබෙනවා
* ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය අනුව සහන සැලසීමට ණය හිමියන් එකඟවී තිබෙනවා
* අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා
* පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය අ.ඩො. මිලියන 760කින් ඉහළට
* ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම සඳහා සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම අයෙකුටම ලැබෙන වැඩසටහනක්
* මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් කරා අප ගමන් කරමින් සිටිනවා
* පුනරාවර්තන වියදම් ක්‍රමානුකූලව අඩුකරමින් ප්‍රාග්ධන වියදම් වැඩිකර ගත යුතුයි
* 2025 වසරේ මුල් කාර්තුවේ විරැකියාව 3.8% දක්වා අඩුවී තිබෙනවා
* 2025 වසරේ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික වර්ධනයක්
* රාජ්‍ය ආයෝජන 4%කින් ඉහළ දැමීමට කටයුතු කරනවා
* මහජනතාවගේ බදු වගවීමකින් යුතුව කළමනාකරණය කරන බවට සහතික වෙනවා
* පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900කින් ඉහළ ගොස් තිබෙනවා
* සමාජ ආරක්ෂණ ජාලයේ වියදම් අවම වශයෙන් 4%ක පවත්වාගෙන යනවා
* වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක්
* රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමට ගෙන ඒම අරමුණයි
* සෘජු සහ වක්‍ර බදු අනුපාතය 60% – 40% අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා
* මෙවර අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා
* ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේ මුල් භාගයේදී සම්මත කරනවා
* ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
* විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
* ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා අමතර රුපියල් මිලියන 250ක් 
* ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්
* කර්මාන්ත කලාප සංවර්ධනය සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්

 

Shares: