දේශීය

ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ – අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරගයක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තරගය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී අදාළ පුද්ගලයා තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: