උණුසුම් පුවත්

බස්නාහිර පළාතේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම්වල වර්ධනයක්

‍කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා.

මාර්ගවල නවතා ඇති යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මෙලෙස සොරකම් කිරීම සම්බන්ධයෙනුයි පොලීසියට, පසුගිය දින කිහිපය තුළ විශාල වශයෙන් පැමිණිලි ලැබී ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ පසුගිය 8 සහ 9 යන දින දෙක තුළ පමණක් බස්නාහිර පළාත තුළ යතුරුපැදි 10ක් සහ ත්‍රිරෝද රථ 3ක් එලෙස සොරකම් කර ඇති බවයි.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා ප්‍රකාශ කළා.

Shares: