දේශීය

විදෙස් කතගේ මුදල් සොරාගත් අයෙක් අත්අඩංගුවට

කොටුව පොලිස් වසමේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කාමරයක රැඳී සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීස් නිලධාරින් විසින් මෙලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (13) දින කොටුව පොලීසියට ලද පැමිණිල්ලක් මතයි.

මෙම විදෙස් ජාතික කාන්තාව තවත් කාන්තාවක් සමඟ අදාළ හෝටලයේ විශේෂ අමුත්තන් ලැඟුම් ගන්නා කාමරයක නවාතැන්ගෙන සිට ඇති අතර, ඇයගේ මුදල් පසුම්බියේ තිබූ ඩිරාම් සහ යුරෝ මුදල් (මෙරට මුදලින් රුපියල් 330,000) අස්ථානගතවී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

සැකකරු අවුරුදු 41ක කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදෙස් ජාතික කාන්තාවන් එහි කාමරයේ නොමැති අවස්ථාවක මෙම සොරකම සිදුකර ඇති බවත්, සොරාගත් විදෙස් මුදල් ජාඇළ ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයකින් මාරුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Shares: