ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව ගොස් පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදීම ඊට හේතුවයි.
නිවේදනයක් නිකුත් කරමිනුයි එම පක්ෂය ඒ බව දැනුම් දෙන්නේ.
ඒ අනුව, පදියතලාව ප්‍රාදේශීය සභාවේ වීරසිංහ දර්ශන විතානගේ, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහොමදු නසීර් මුහම්මදු රිනොස්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ.ඒ. අනුර කුමාර, මාරසිංහ ආරච්චිගේ අමිල් එරංග සහ රතුගමගේ උමේෂා රශ්මි මල්ෂානි යන අයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
තවද, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වගලන්ගේ අතුල කුමාර වහලත්, බාලසුරිය මුදියන්සේලාගේ අනුර කුමාර සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ පී.කේ සුමේද ලක්මාල් යන අයගේ ද මෙලෙස පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවායි ඇත්තේ.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි.











