දේශීය

ඕස්ට්‍රේලියාව බලා ගිය ගුවන් යානයක් ලංකාවට හදිසියේ ගොඩබස්වයි

ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිස්සියේ ගොඩබස්වා තිබෙනවා.

ඊයේ (20) රාත්‍රියේ මෙලෙස හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන් මෙලෙස යානය ගොඩබස්වා ඇති බව සඳහන්.

පසුව එම මගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රොහල් ගතකර තිබෙනවා.

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ ගුවන් යානයක් වන මෙය ඊයේ රාත්‍රි 7.15ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා පසුව රාත්‍රී 9.20ට පමණයි නැවතත් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ.

Shares: