උණුසුම් පුවත්

නාය යෑමේ අවදානම් නිවේදන දීර්ඝ කෙරේ

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

අද (26) උදෑසන 08 සිට පැය 24ක් බලාත්මක වන පරිදි පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවයි එම සංවිධානය සඳහන් කළේ.

ඒ අනුව රතු පැහැති නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ තෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

උඩුදුම්බර
මහනුවර දිස්ත්‍රික්කය

වලපනේ,මතුරට, නිල්දණ්ඩාහින්න සහ හඟුරන්කෙත
නුවරඑළිය දිස්ත්‍රික්කය

එමෙන්ම අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දෙනු ලබන අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

හල්දුම්මුල්ල
බදුල්ල දිස්ත්‍රික්කය

ඉංගිරිය, වලල්ලාවිට සහ බුලත්සිංහල
කළුතර දිස්ත්‍රික්කය

යටිනුවර, ගඟවට කෝරළය සහ පාතහේවාහැට
මහනුවර දිස්ත්‍රික්කය

මාවනැල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය

කොටපොළ සහ පිටබැද්දර
මාතර දිස්ත්‍රික්කය

නුවරඑළිය
නුවරඑළිය දිස්ත්‍රික්කය

කහවත්ත, කලවාන, නිවිතිගල, අයගම,ඉඹුල්පේ, බලංගොඩ, කොළොන්න, රත්නපුර සහ ඇලපාත
රත්නපුර දිස්ත්‍රික්කය

මේ අතර විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,

හපුතලේ, බණ්ඩාරවෙල, පස්සර, ඇල්ල සහ හාලි ඇළ
බදුල්ල දිස්ත්‍රික්කය

පාදුක්ක
කොළඹ දිස්ත්‍රික්කය

නාගොඩ
ගාල්ල දිස්ත්‍රික්කය

කටුවන
හම්බන්තොට දිස්ත්‍රික්කය

මතුගම සහ හොරණ
කළුතර දිස්ත්‍රික්කය

උඩු නුවර, ගඟ ඉහළ කෝරළේ, තුම්පනේ, උඩපළාත, පාතදුම්බර, පස්බාගේ කෝරළේ, පන්විල, මැදදුම්බර, මිණිපේ සහ දොළුව
මහනුවර දිස්ත්‍රික්කය

රිදීගම, මාවතගම සහ මල්ලවපිටිය
කුරුණෑගල දිස්ත්‍රික්කය

අඹන්ගඟ කෝරළේ, නාඋල, උකුවෙල, යටවත්ත සහ රත්තොට
මාතලේ දිස්ත්‍රික්කය

පස්ගොඩ
මාතර දිස්ත්‍රික්කය

Shares: