රජය විසින් හෙට දිනය (28) රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ රට පුරා පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන්.
එම තත්ත්වය යටතේ සාමාන්‍ය කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී රජයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගෙන මෙම නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම විශේෂ නිවාඩුව හේතුවෙන්, රජයේ අත්‍යවශ්‍ය සේවාවන් ආපදා සහන සේවාවන්ට අදාළ නිලධරයන් සේවයට කැඳවීම සඳහා කිසිදු බාධාවක් නොවන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනු ලබන්නේ.











