මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් මහතා පවසනවා.
කෙසේ වෙතත් තවමත් බැම්මේ බිඳී යෑමක් සිදුව නොමැති බවයි ආණ්ඩුකාරවරයා අවධාරණය කළේ.
ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත්, ආරක්ෂක අංශ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ කටයුතු සිදුකරන ලෙසත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවයි.










