ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
‘එහිදී දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බවයි.
ව්‍යසනයෙන් පසු ඉන්දියාව දැක්වූ සහයෝගයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කළ අතර ගලවා ගැනීමේ කණ්ඩායම් සහ සහන ද්‍රව්‍ය කඩිනමින් යෙදවීම අගය කර තිබෙනවා.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහතික වී ඇත්තේ විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සහ සහන සැලසීම සඳහා ක්‍රියාත්මක ‘සාගර් බන්ධු මෙහෙයුම’ යටතේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටයි.
ආපදාවට පත්වූ ප්‍රදේශයන්හි ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන විට, ඉදිරියේදී අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ද මෝදී මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.










