උණුසුම් පුවත්

කඩුවෙල – බත්තරමුල්ල මාර්ගය යළි විවෘත කෙරේ

පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කඩුවෙල සිට බත්තරමුල්ල දක්වා වූ මාර්ගය යළි ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමින්.

පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කඩුවෙල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණා.

මේ අතර, අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම ද ඊයේ (02) දිනයි විවෘත කළේ.

ඒ අනුව එම පිවිසුම භාවිත කර සිය ගමන් පහසුකම් සලසා ගැනීමට හැකියාව පවතියි.

Shares: