උණුසුම් පුවත්

ඉදිරියට වසංගත රෝග අවදානමක්

ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවධානමක් ඇති බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ,

“පසුගිය දිනවල දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ඉදිරියේදී දරුණු බෝවන රෝග පැතිරීමේ අවදානමක් ඇති වියහැකි යැයි අපි සෞඛ්‍ය අංශ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඩෙංගු, චිකුන්ගුන්යා සහ මී උණ රෝගය පැතිරීමේ දැඩි අවදානමක් පවතිනවා. ඒ වගේම බෝ නොවන රෝග තත්ත්වයෙත් යම්කිසි වැඩිවීමක් අපි අපෙක්ෂා කරනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් මේ වනවිට ව්‍යාකූල තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔවුන්ගේ ඖෂධ මේ ආපදා තත්ත්වය සමග නැතිවී තිබෙන්නට පුළුවන්. එම නිසා ඔවුන් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා.”

Shares: