දේශීය

කේරල ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මරදන්කේණි මනල්කාඩු වෙරළ තීරය ආසන්න කැලෑබඳ ප්‍රදේශයක තිබී කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි.

එම ප්‍රදේශයේ තිබූ බෝට්ටුවක් තුළ තිබීයි කේරල ගංජා කිලෝ ග්‍රෑම් 75කට අධික ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මනල්කාඩු ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

Shares: