උණුසුම් පුවත්

මහනුවරට සහ නුවරඑළියට නායයෑම් රතු නිවේදන

 

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අද (18) අලුයම 2.30ට එම නිවේදනය නිකුත් කර ඇති අතර හෙට අලුයම 2.30 දක්වා වූ පැය 24 සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් වලංගු වෙයි.

මේ අතර මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනතාව සඳහා අවදානයෙන් සිටින ලෙසයි එහි දැනුම් දෙන්නේ.

එමෙන්ම බදුල්ල, මාතලේ, කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වෙන ලෙස ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

මහනුවර දිස්ත්‍රික්කය:

  • දොළුව
  • උඩුදුම්බර
  • ⁠මැදදුම්බර

නුවරඑළිය දිස්ත්‍රික්කය:

  • වලපනේ
  • හගුරන්කෙත
  • නිල්දණ්ඩාහින්න
  • ⁠මතුරට
 
 
Shares: