හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඊයේ (11) පස්වරුවේ කළුතර පැවති මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී වී තිබෙනවා.
”මේ ඉන්න ජනතාව දන්නව ගෑස් සිලින්ඩරයට කතිරය ගහලා අංක එකොළහට කතිරය ගැහුවට රෝහිත අබේගුණවර්ධන ඇමති වෙන්නේ නෑ කියලා. ඒ අය දන්නවා අපි ආණ්ඩුවක් පිහිටවන්නේ නෑ කියලා . ඒ බව දැන දැන මේ ඇවිත් තියෙන්නේ මට කලගුණ සලකන්න. ” යැයි කියමින් හිටපු අමාත්‍යවරයා කදුළු සලමින් සංවේදී වුණා.
” මම මහජන හමුවකදී එන ජනතාව ගෙන් අහලා නෑ මට ඡන්ද දුන්නද කියලා. මම පෞද්ගලිකව බලන්නේ නෑ. මම මිනිස්සු එක්ක හිටියා. ඉදිරියටත් මම ඔබ එක්ක විපක්ෂයේ මන්ත්‍රී වරයයකු විදිහට ඉන්නවා.
මාළුවකුට වතුර ඕන සොල්දාදුවට අවිය ඕන. ඒ වගේම දේශපාලකයට ජනතාව ඕන. ආණ්ඩුව නැතිව වුණත් ඔබ මාව 32 වසරකට පාර්ලිමේන්තු යවන බව විශ්වාසයි. මම කලකිරීම්වලින් දේශපාලනය අතාරින්නේ නෑ. කන්ද නැග්ගොත් පල්ලම තියෙනවා .ඔංචිල්ලාව එහාට ගියොත් මෙහාට එනවා .. ” යනුවෙන්ද හිටපු අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.