Global Platform For All Sri Lankans

Lanka Hit News

කොවිඩ්වලින් පසු චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන තවත් වෛරසයක්

කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු මේ දිනවල චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන මෙම වෛරසය ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින බව සඳහන්.

එමෙන්ම කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙන්වා දේ.

මෙම වෛරසය අතරතුර ඉන්ෆුවෙන්සා වෛරසයද පැතිර යමින් තිබෙන බවද කියයි.

චීනයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව වෛරස තත්ත්වය රටේ උතුර ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර චීනයේ රෝග පාලනය සහ නිවාරණ මධ්‍යස්ථානය විසින් තහවුරු කර ඇත්තේ උතුර චීනයට මේ හරහා බලපෑම් සිදු වී තිබෙන බවයි.

එසේම වෛරස තත්ත්වය හේතුවෙන් රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවද කියනවා.

පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පවසන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads