ආන්දෝලනයට තුඩුදී ඇති නඩු පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිපති පාලින්ද රණසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජනාධිපති කාර්යාලයේ පැවති එම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක්ද එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවයි.
දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මහජන අපේක්ෂා බිදවැටීමට කිසි ලෙසකින් ඉඩ නොතැබිය යුතු බව සදහන් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 2