Global Platform For All Sri Lankans

Lanka Hit News

රටවිරුවන්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා ?

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා.

මේ නිසාවෙන් විදෙස් රටවල රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයින් රැසකට එම බලපත්‍ර ලැබී නොමැති බවයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න සඳහන් කළේ.

ඊට අමතරව එම බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළේ දී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ඔහු පවසනවා.

පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ‍එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කළ විශේෂ විගණන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුවට භාර දි ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව, එම වාර්තාව ඉදිරියේ දී සභාව ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඒ හරහා රජයට නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි ජාතික විගණන කාර්යාලය පැවසුවේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන් ගෙන්වීමට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය රජය සමයේ දීයි.

ඒ අනුව, සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින් සඳහා අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද 4කින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට අවස්ථාඅ ලබා දී තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads