ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (29) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ අද (29) සඳහන් කළා.
එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 75,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 43000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ සඳහන් කළා.
මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළා.
Author: Lanka Hit News
Post Views: 8