Global Platform For All Sri Lankans

හිරුණිකා ඇතුළු පිරිසකට අදාළ පැමිණිල්ල කැඳවීම පෙබරවාරියේ..

පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයේ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මහජනතාවට අවහිරයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාරියන් 14 දෙනාට අදාළ පැමිණිල්ල ලබන පෙබරවාරි මස 10 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවයි.

මෙම නඩු කටයුත්තට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලීසිය සඳහන් කළා.

සැකකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කාන්තා හිංසනය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම සඳහා මෙම සැකකාරියන් විසින් අදාළ විරෝධතාව සිදුකළ බවත් ඒ තුළින් රජය  අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් නොතිබූ බවත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත්, මහෙස්ත්‍රත්වරයා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ ගොනු නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බැවින් ඊට අදාළව නීතිපතිවරයා වෙත කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙසයි.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10  වනදා කැඳවීමටද නියෝග කෙරුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads