Global Platform For All Sri Lankans

Lanka Hit News

පරිස්සමෙන් ? අන්තර්ජාල මූල්‍ය වංචාවලට 218ක් මාට්ටු

 

අන්තර්ජාල මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත මේ මාසයේ ගත වූ දින 15 තුළ පමණක් විදෙස් ජාතිකයින් 218 දෙනෙකු මෙරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම පසුගියදා හලාවත ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, එහිදී හලාවත ඉරණවිල ප්‍රදේශ‍යේ හෝටලයක ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් 10 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

එම පිරිසට චීන ජාතිකයින්ට අමතරව මැලේසියානු, ඉතියෝපියානු හා කෙන්යානු ජාතිකයින්ද අයත් වීම විශේෂත්වයක්.

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත දිවයිනේ ප්‍රදේශ රැසකින් අවස්ථා ගණනාවකදී විදෙස් ජාතිකයින් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම පොලිස් භාරයට ගත් පරිගණක සහ දුරකථන වැඩිදුර විශ්ලේෂණය සඳහා මොරටු විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු සැකකාර විදෙස් ජාතිකයින් ලබන 30වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ගත වූ දින 15 තුළ පමණක් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ චෝදනා මත විදෙස් ජාතිකයින් 218ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට චීන , ඉන්දීය සහ තායිලන්ත ජාතිකයින්ද අයත්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads