Global Platform For All Sri Lankans

Lanka Hit News

තැනින් තැන මතුවන රුපියල් 5000 හොර නෝට්ටු

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ පාසල් සිසුන් දෙදෙනෙකු තන්තිරිමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සූක්ෂම ලෙස සකසන ලද මුදල් නෝට්ටු මාරු කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් ඊයේ (25) පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් තන්තිරිමලේ පන්සල පාරේ පදිංචි 16 හැවිරිදි සිසුන් වනවා.

තන්තිරිමලය රජමහා විහාරය ඉදිරිපිට රථ ගාල ආසන්නේ බුලත් වෙළඳාමේ නිරත පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

බුලත් වෙළඳසැලට පැමිණ ඇති සැකකාර සිසුන් දෙදෙනා රුපියල් 5000 නෝට්ටුවක් මාරු කර ගැනීමට උත්සහ කර තිබෙනවා.

එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බවට සැක සිතී වෙලදසැල්  හිමියා විසින් ඔවුන් දෙදෙනා,  වෙළෙඳ සැලේ රඳවා ගෙන තන්තිමලය රජමහා විහාරය ඉදිරිපිට රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන්.

ඒ අනුව සිදු කළ විමර්ශනයකදීයි මෙම අත්අඩංගුවට සිදු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලය පොලිසිය විසින් ක්‍රියාත්මකයි.

මේ අතර පසුගිය 23 වැනිදා ව්‍යාජ රුපියල් 5,000ක නෝට්ටු 58ක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම නෝට්ටු මුද්‍රණය කළ බව පවසමින්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් සහ කලා අධ්‍යක්ෂවරයෙක් පොලිස් භාරයට ගත් අතර ඔවුන් ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම පසුගිය 24 වැනිදා රුපියල් 5000ක ව්‍යාජ නෝට්ටුවක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙක් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads