Global Platform For All Sri Lankans

Lanka Hit News

නව ඩිජිටල් හැඳුනුම්පත පෙබරවාරියේ සිට

 

නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් ලබන මස මුල සිට නිකුත් කිරීම බලාපොරොත්තු වන බව අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළා.

ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස වනවිට ඒම කටයුතු සම්පූර්ණ කිරීමටත් අදහස් කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණ, මුහුණ සහ ඇහේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනිමේ පියවරයන් තුනක්ද අනුගමනය කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ජීව තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ආරක්ෂාව සඳහා මෙය තර්ජනයක් නොවන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads