රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට(20) සිදු කිරීමට නියමිතයි.
මහ බැංකුව නිවේදනය කළේ, දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි.
එමෙන්ම, දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 30,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.