Global Platform For All Sri Lankans

Lanka Hit News

මෙරට 62 වන රාජ්‍ය ඔසුසල , පොතුවිල් නගරයට..

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නැගෙනහිර පළාතේ පොතුවිල් ඔසුසල ශාඛාව ඊයේ (13) දිනයේ විවෘත කෙරුණා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල් ජාලයේ 62 වන ඔසුසල ශාඛාව එය වනු ඇති.

පොතුවිල් මුලික රෝහල පරිශ්‍රයේ මෙම ඔසුසල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණා.

මෙම රාජ්‍ය ඔසුසල ශාඛාව මගින් ද පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්‍ය මුද්‍රාව සහිත නියම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ අඩු මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව ලැබෙන අතර, ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්, ගර්භනී මවුවරුන් සහ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සදහා 5% ක සුවිශේෂි වට්ටමක් සහිතව ඖෂධ නිකුත් කිරීම ද විශේෂත්වයක්.

ඔසුසල විවෘත කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මේ බව කියා සිටියා.

“නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සදහා පොතුවිල් මුලික රෝහල ද මධ්‍යම රජයට පවරා ගනිමින් එම රෝහල් ලබාදෙන රෝගී ප්‍රතිකාර සේවාවන් තව තවත් පුළුල් කිරීම සදහා පළාත් සභාවේ අනුමැතිය හා සහයෝගය යටතේ කටයුතු සිදු කරනවා.. ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා..”

 

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads