Global Platform For All Sri Lankans

සූකර උණ ට තවත් ගැසට්ටුවක්

 

අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පනවා තිබූ නීති ලිහිල් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සඳහන් කළේ, ඒ අනුව නිරෝගී සතුන් ප්‍රවාහන කිරීම සඳහා අවසර ලබා දී ඇති බවත්, ක්ෂේත්‍රයේ පැවැත්මට සහ මෙම සතිය වනවිට ව්‍යාප්තියේ යම් අඩු වීමක් දක්නට ලැබෙන බවත්ය.

පසුගිය(04) සිට නැවත දැනුම් දෙනතුරු එම ගැසට් පත්‍රය බලාත්මකයි.

මීට පෙර සතුන් ප්‍රවාහනය කළ නොහැකි බවට දැනුම් දී තිබුණත්, නව ගැසට් නිවේදනයට අනුව නිරෝගි ගොවිපොළවල ඇති කරන වෛරසය ආසාධනය නොවූ සතුන් පශු වෛද්‍යවරයෙකුගේ සත්ත්ව සෞඛ්‍ය වාර්තාවක් මත ප්‍රවාහනය කිරීමට හැකියාව පවතින බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන අමනාප වූ ජනප්‍රිය ගායිකාවක් , අමුතු සටහනක් තියලා

  2024 ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු, කමලා හැරිස්ට සහාය දුන් ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු රිපබ්ලිකන් නායකයාට දැඩි ලෙස දෝෂාරෝපණය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads