දෙසැම්බර් මාසය ලංවීමත් සමඟම එළවළු මිළ අහස උසට නැග ඇති බවට තොරතුරු වාර්තා වෙනවා…
යල කන්නයේ අස්වනු තොග අවසන් වීමත් සමග වෙළෙඳපොළට ලැබෙන එළවළු ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇතැයිද වෙළදුන් පවසනවා.
මෙම තත්ත්වය මත මේ දිනවල එළවළු මිල ගණන් නැවත වරක් ඉහළ යමින් පවතින අතර,ඉදිරි උත්සව සමයේදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කර තිබෙනවා.
එළවළු තොග මිල ගණන් ඉහළ යාමත් සමග එළවළු සිල්ලර වෙළෙඳුන් සහ අතරමැදියන්ද එළවළු කිලෝවක සිල්ලර මිල තොග මිල මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයකින් ඉහළ දමා තිබෙන අතර,
එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල ගණන් මෙසේ සඳහන්ව තිබුණා… නෝකෝල් රු.350-400,මාළු මිරිස් රු.550-600,අමු මිරිස් රු.350-400,වැටකොළු රු.240,තිබ්බටු රු.450,මුරුංගා රු.400. එසේම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක මිල රුපියල් 900 ක් දක්වා ඉහළ ගොස් තිබුණා…
බෝංචි සහ මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 500 ත් 600 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කළා…