Global Platform For All Sri Lankans

Lanka Hit News

” ඉස්සර මගේ සාක්කුවට ආපු සල්ලි දැන් යන්නේ අනුරගේ සාක්කුවට..” කංචන

ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් ප්‍රකාශ කරනු ලබන බොහෝ ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ බව හිටපු අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, මාතර පැවති ජනහමුවක් අමතමින්.

විජිත හේරත් විපක්ෂයේ සිටින කාලයේ මෙන්ම ආණ්ඩුවේ සිටින විටත් අසත්‍ය ප්‍රකාශ සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

තෙල් මිලෙන් තමාගේ සාක්කුවට මුදල් යන බවට එදා විපක්ෂයේ සිටි ජාතික ජනබලවේගයේ පිරිස් පවසා සිටියද දැන් කියන්න ඕන ඒ සල්ලි දැන් යන්නේ විෂයභාර අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ සාක්කුවටද යැයි ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.

ජනතාවට සත්‍ය වටහා දීම ගැන කෙසේ වෙතත්, ජනාධිපති අනුර කුමාර දිසානායක ස්තුතියි කල යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම ජාතික ජනබලවේගය විසින් විවේචනය කරපු දේ ජනතාවට ඇත්තද නැද්ද යන්න ඉදිරියේදී බලාගත හැකි වනු ඇති බව ත් ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads