Global Platform For All Sri Lankans

ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි..

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

හෙට (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (25) ජනාධිපතිවරයා විසින් නිකුත් කෙරුණා .

මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ආශ්‍රිත දේශීය ජල තීරයන්හි මහජන සාමය පවත්වාගෙන යාමට මෙලෙස සන්නද්ධ හමුදාවන් කැඳවා ඇති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads