චීනය විසින් ස්වාධීනව නිර්මාණය කර ඉදිකරන ලද “Tansuo 3” නැමති ගැඹුරු හා ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීනයේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට ද නියමිතයි.
එමෙන්ම මෙය සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන සේ ගැඹුරු හා ඈත මුහුදු කලාපයන්හි ගවේෂණ සිදු කිරීම මෙන්ම, ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේෂණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහාය වීමේ හැකියාවෙන් ද යුත් චීනයේ ප්‍රථම, සංයෝගාත්මක විද්‍යා ගවේෂණ නෞකාව බවයි කියන්නේ.
“Tansuo 3” නෞකාවේ දිග මීටර් 104 ක් පමණ වේ.
එහි ජලෝත්පීඩන පරිමාව ටොන් දස දහසක් පමණකි.
චීනයේ විවිධ පර්යේෂණ ආයතන, ව්‍යාවසායන් හා විශ්ව විද්‍යාලයන්හි දායකත්වයෙනුයි මෙම නෞකාවේ පර්යේෂණ හා ඉදිකිරීම් ක්‍රියාවලිය සිදුව ඇත්තේ.
නෞකාව ධ්‍රැවාශ්‍රිත අයිස් පවතින ප්‍රදේශවල යාත්‍රා කිරීම පිළිබඳ කෙන්ද්‍රීය තාක්ෂණ මෙන්ම, අයිස් බිඳීම් යටතේ අධි නිරවද්‍ය ගතික ස්ථානගත කිරීමේ පාලන තාක්ෂණය, බුද්ධිමය නෞකා පාලන තාක්ෂණය ඇතුළු දුෂ්කරතා ජය ගනිමින් ඒවායේ ඒකාධිකාරී අවහිරයන් බිඳ දැමීමට සමත්ව තිබෙනවා.
මෙම නෞකාවේ විශේෂත්වයක් නම් චීනයේ මිනිසුන් සහිත ගැඹුරු කිමිදුම්, පූර්ණ මුහුදු ගැඹුරු පරාසයේ පමණක් නොව, සමස්ත ගෝලීය මුහුදු කලාපයේ ද ගවේෂණ සිදු කිරීමට හැකි වීමයි.