Global Platform For All Sri Lankans

Lanka Hit News

රජයේ කිරිකොඩු සහල් තොගය හෙට මෙරටට

 

පවතින සහල් අර්බුදයට විසඳුම් ලෙස රජය ඇනවුම් කළ මෙටි්‍රක් ටොන් 5,200ක පළමු සහල් තොගය හෙට(19) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

එසේම, පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් මෙටි්‍රක් ටොන් 12,000 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ වන විට රේගුවෙන් නිදහස් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

සහල් ආනයනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත පැනයක් යොමු කළ අතර ඊට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට ලබා දුන් කාලසීමාව අනිද්දා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වනවා.

දින ගණනාවක් තිස්සේ පැවති සහල් හිඟයට තවමත් නිශ්චිතවම විසඳුමක් ලැබී නොමැති පසුබිමක මේ දිනවල ඇතැම් වෙළදසැල්වල සහල් අලෙවියේදී පාරිභෝගිකයින්ට විවිධ සීමා පනවා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, වෙළදඳපොළේ තවමත් කැකුළු සහල්වල හිඟයක් පවතින බවද වෙළඳුන් පෙන්වා දුන්නා.

මේ අතර දිනෙන් දින ඉහළ යන වනසත්ව වගා හානි සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් වාර්තා වනවා.

තමන් වගා කළ ගොවිබිම් මුළුමනින්ම විනාශ වීම හමුවේ ගොවි ජනතාව දැඩි අසීරුතාවයටයි පත්ව ඇත්තේ.

එවන් පසුබිමක අනුරාධපුර කෘෂිකර්ම කමිටු රැස්වීම ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී ඊයේ පැවැත්වුණා.

මෙහිදී අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබුණා.

ඊට එක් වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර සදහන් කළේ, වන අලි පලවා හැරීමට හෙට සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි‍.

මේ අතර අක්කර 5 ට අඩු ලියාපදිංචි පොල්වතුහිමියන්ට සහනාධාර පොහොර ලබා දීම ලබන සතියේ සිට ආරම්භ කරන බවයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads