Global Platform For All Sri Lankans

Lanka Hit News

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින් වාර්තාවන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ ඔරුගොඩවත්ත RCT අංගනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීයි.

එහිදී ඔහු සඳහන්කර සිටියේ වරායේ තදබදය හැමදාමත් තිබෙන බවත්, වරාය අවශ්‍ය ධාරිතාවයෙන් නොමැති බවයි.

මේ අතර බහාලුම් 2000කට ආසන්න සංඛ්‍යාවක් තවමත් රේගුවේ සිරව පවතින බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ
පවසනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රේගුව විසින් නිදහස් කළ නමුත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිෂ්කාශන නියෝජිතයින් විසින් බහාලුම් 685ක් මුදා ගැනීමට තවමත්
කටයුතු කර නොමැති බවයි.

කොළඹ වරායේ ආනයනික බහාලුම් නිෂ්කාශන කටයුතුවල ඇති වුණු ප්‍රමාදයන් හේතුවෙන් පසුගිය සති කිහිපයේම ඔරුගොඩවත්ත, තොටළඟ ඇතුළු මාර්ග දෙපස
බහාලුම් ප්‍රවාහන රථ සහිත දිගු පෝලිම් පැවතියා.

තත්ත්වය කළමණාකරණය කර ගැනීම සඳහා පසුගිය ඉරිදා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණේ ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී
ලංකා වරාය අධිකාරිය, බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන් සහ වාප්පු සේවා සංගමය ඇතුළු පාර්ශ්ව සමගයි.

එම සාකච්ඡාවේදී තීරණ රැසකට එළැඹ තිබූ අතර පැය 24ම සේවා සපයමින් ඇති වී තිබෙන බහාලුම් තදබදය අවසන් කිරීමටයි ශ්‍රී ලංකා රේගුව ඇතුලු අනෙකුත්
ආයතන එකඟ වී තිබුණේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads