චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක තෙවැනි දිනය ආරම්භ කරමින් අද (16) පෙරවරුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන සැසියකට සහභාගි වීමට නියමිතයි.
රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කරන මෙම “ආයෝජන සැසිය” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයක්.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීන ජනතාවගේ වීරයන්ගේ ස්මාරකය වෙත පුස්පෝපහාර දැක්වීමට ද නියමිතයි.
ජනාධිපතිවරයා අද පස්වරුවේ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං හා චීන ජාතික කොංග්‍රසයේ සභාපති චාඕ ලජි යන අය හමු වී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 2