පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය වසරේදී සිදු කළ වැටලීම්වලින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් අයකරගෙන ඇති බව වාර්තාවනවා.
පසුගිය වසරේදී එම අධිකාරිය වැටලීම් 24,761ක් සිදුකර ඇති අතර එහිදී නඩු පැවරීම් 23,953ක් සිදුකර තිබුණා.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් කියා සිටියේ දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
Author: Lanka Hit News
Post Views: 1