Global Platform For All Sri Lankans

ගොවියෝ 150,000ක් වෙන වැඩවලට ගිහින්..

 

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් 150,000ක් පමණ ඉවත්ව තිබෙනවා.

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, රට තුළ විධිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති ගැටලු ඊට හේතු වී ඇති බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ සමීක්ෂණයකට අනුව, 2023 වසරේ පළමුවැනි කාර්තුව වන විට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරතව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 2,187,563ක්.

එය රටේ සේවා නියුක්තියෙන් 56.7% ක ප්‍රතිශතයක්.

2023 වසරේ දෙවැනි කාර්තුව වනවිට එම අගය 2,058,421 දක්වා අඩුවී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25.7% ක් වනවා.

එම වසරේ 3 වැනි කාර්තුව වන විට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරතව සිටි පුද්ගලයින් සංඛ්‍යාව 2,032,281 දක්වා අඩු වී ඇත්තේ සමස්ත සේවා නියුක්තියෙන් 25.4% ක් දක්වා එම අගය අඩු කරමින්.

2023 වසරේ සිව්වන කාර්තුව වන විට 2,075,112ක් දක්වා එම අගය සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබුණේ 26.5%ක් ප්‍රතිශතයක් සමගයි.

කෙසේවෙතත්, 2024 පළමු කාර්තුව වන විට කෘෂිකාර්මික අංශයේ රැකියාවල නිරතව සිටි සංඛ්‍යාව 2,039,574ක් දක්වා අඩු වී තිබෙනවා.

එය රටේ සේවා නියුක්තියෙන් 25.8% ක්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads