ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙන් වෙන්ව තරග කළ යුතු බවට දෙමළ ප්රගතිශීලි සංධානය නියෝජනය කරන පක්ෂ යෝජනා කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් සහ වී. රාධක්‍රිෂ්ණන්ගේ පක්ෂයි එම සංධානය නියෝජනය කරන්නේ.
පසුගිය දින කිහිපයේ ඔවුන්ගේ දේශපාලන මණ්ඩල සහ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්ව ඇති අතර, එහිදී මේ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එහිදී යෝජනා කර ඇත්තේ, වෙන් වෙන්ව පළාත් පාලන ඡන්දයට තරග කර පසුව සමගි ජන සංධානය සමග එකතුවීමෙන් ලබාගත හැකි මන්ත්‍රි ධූර සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.
ඒ පිළිබඳ අවසන් තීරණයට නුදුරු දිනයකදීම එලඹෙන බව දෙමළ ප්රගතිශීලි සංධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 8