Global Platform For All Sri Lankans

Lanka Hit News

සාදයේ ආසාත්මිකතාවය පුද්ගලයෙකුට මරු කැඳවයි..

නව වසර උදාව සමරමින් මත්පැන් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ මත් වර්ගයක් අසාත්මිකවීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රදේශයෙ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා තවත් කිහිපදෙනකු සමග 31 වනදා රතිඤ්ඤා පත්තු කරමින් නව වසරේ උදාව සමරමින් සිටියදී මිතුරන් කිහිප දෙනකුගේ ආරාධනයෙන් පොල්ගස්ඕවිට හල්පිට ප්‍රදේශයේ නිවසකට ගොස් එහි පැවති මත්පැන් සාදයකට සහභාගී ඇති බව පැවසෙනවා.

එහිදී තරුණයන් දෙදෙනෙකු භාවිතා කළ මත් වර්ගයක් අසාත්මික වී ඇති අතර එහිදී පැමිණ සිටි මිතුරන් එක්ව ප්‍රතිකාර සදහා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් තරුණයකු අද (01) මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, අනෙක් තරුණයා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads