Global Platform For All Sri Lankans

Lanka Hit News

දේශිය ටයර් මිල අඩු වෙන්නයි යන්නේ..

 

දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට දේශීය ටයර් නිෂ්පාදකයින් එකගතාවය පළ කළ බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

දේශීය ටර්ය නිෂ්පාදකයින්ගේ සංගමය සමග වෙළද අමාත්‍යාංශයේ ඊයේ(31) පැවති සාකච්ඡාවකදී ඔවුන් මෙම එකගතාවය පළ කළ බවයි සිය ෆේස්බුක් ගිණූමේ සටහනක් තබමින් අමාත්‍යාවරයා කියා සිටියේ.

මෙරට නිෂ්පාදනය කරන ටයර් තිබියදී ටයර් ආනයනය කිරීමෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට අහිමි වී ඇති බව එහිදී ටයර් නිෂ්පාදකයින් පෙන්වා දී තිබෙනවා.

එලෙස ආනයනය කිරීමෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ටයර් මෙරට තුළ පවතින බැවින් ඉදිරියේදී ආනයනය කරනු ලබන ටයර් සඳහා සීමාවන් පනවන ලෙස දේශීය ටයර් නිෂ්පාදකයිනගේ සංගමය ඉල්ලා සිටි බවයි වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads