හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසුරිය සඳහන් කළේ , සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.
එම ගැටලුව මේ වනවිට නිරාකරණය කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව, ඉන්සියුලීන් මික්ස්ටාඩ් නැමති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගින් මෙරටට රැගෙන එන්නැයි උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
Author: Lanka Hit News
Post Views: 32