Global Platform For All Sri Lankans

හිඟ ඉන්සියුලීන් දින 4ක් ඇතුළත දිවයිනට

හිඟව පවතින ඉන්සියුලීන් වර්ගය ඉදිරි දින 4 ඇතුළත මෙරටට රැගෙන ඒමට කටයුතු සම්පාදනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසුරිය  සඳහන් කළේ , සැපයුම්කරුගේ ලියාපදංචියේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

එම ගැටලුව මේ වනවිට නිරාකරණය කරගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව, ඉන්සියුලීන් මික්ස්ටාඩ් නැමති අදාළ ඖෂධයේ පළමු තොගය ගුවන් මගින් මෙරටට රැගෙන එන්නැයි උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads