Global Platform For All Sri Lankans

වියදම් වාර්තාවෙන් කට්ටි පැන්නොත් අපේක්ෂකයන්ට වෙන දේ..

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතු වනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ 8888ක් ඉදිරිපත් වුණා.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස්(නීති) නීතිඥ චින්තක කුලරත්න සඳහන් කළේ, ආදායම් වාර්තා කලට වේලාවට ඉදිරිපත් නොකරන අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙයට අමතරව අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශද කොමිෂන් සභාවට භාරදිය යුතු වනවා.

මැතිවරණ ක්‍රමය තුළ විනිවිදභාවයක් ඇති කිරීම සහ අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවීම වැළැක්වීම සඳහා එම වියදම් වාර්තා නීතිය ක්‍රියාත්මක වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නවක මුහුණු 176ක් ,මැතිසබයට..

  2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව “සුද්ද කරමු” යන තේමාව මූලික කරගනිමින් ජාතික ජන බලවේගය සිය මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads