Global Platform For All Sri Lankans

ජනතා තීන්දුවට හිස නමා ගෙදර ගිය මහින්දානන්ද..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ දේශපාලනයට සමුදීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය කාලවකවානුව තුළ මහනුවර ජනතාව වෙනුවෙන් තමන් උපරිම ලෙස කැපවී කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, පුරා දශක 07ක් තමා සිදුකළ සේවාව තවදුරටත් අවශ්‍ය නොවන බවට, මහනුවර දිස්ත්‍රික් ජනතාව තීරණය කර ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

සිය දේශපාලන දිවිය පුරාවටම තමා ජනතා තීන්දුවට හිස නමපු පුද්ගලයෙක් ලෙස මෙවරද ජනතාව ලබාදුන් තීරණය පිළිඅරන් දේශපාලනයෙන් සමුගන්නා බවයි මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads