Global Platform For All Sri Lankans

දුම්රිය හරස් මාර්ගයේදී සැලකිලිමත් වන්න , දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලයි

දුම්රිය හරස් මාර්ග හරහා රිය ධාවනය කිරීමේදී අනතුරු වළක්වා ගැනීම සදහා සැලිකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ කියා සිටියේ, පසුගිය දිනවල සිදු වූ බොහෝ දුම්රිය අනතුරුවලට හේතුව දුම්රිය හරස් මාර්ග භාවිතා කිරීමේදී, රියදුරන්ගේ නොසැලකිලිමත් කම බවයි.

මෙම තත්වයට ආසන්නතම සිදුවීම වූයේ, වැලිගම – දෙණිපිටිය අතුරු මාර්ගයේදී කුඩා ලොරි රථයක් දුම්රිය මාර්ගයට ඇතුලු කිරීමට යාමේදී දුම්රියේ ගැටී සිදු වූ අනතුරයි.

ඊයේ(15) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් එකම පවුලේ පියා සහ පුතා මරණයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ, අනතුරින් මියගිය පුද්ගලයාගේ බිරිඳ, මව, දරු දෙදෙනා සහ ඥාති පුත්‍රයෙකු තුවාල ලබා ඇති බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නවක මුහුණු 176ක් ,මැතිසබයට..

  2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව “සුද්ද කරමු” යන තේමාව මූලික කරගනිමින් ජාතික ජන බලවේගය සිය මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads