Global Platform For All Sri Lankans

නවක මුහුණු 176ක් ,මැතිසබයට..

 

2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව “සුද්ද කරමු” යන තේමාව මූලික කරගනිමින් ජාතික ජන බලවේගය සිය මැතිවරණ කටයුතු ආරම්භ කළ අතර ඒ අනුව සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 159ක් හිමි කරගැනීමට සමත් වුණා.

එම ආසන 159 අතුරින් ගියවර පාර්ලිමේන්තුවේ නොසිටි මන්ත්‍රීවරුන් 157 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරි පත් වී ඇති අතර එම පිරිස අතරින් අතිශය බහුතරයක් නව මුහුණු වීම කැපී පෙනෙනවා.

එමෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 40 දෙනාගෙන් 09 දෙනෙකු නව මුහුණු වන අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරු 8 දෙනාගෙන් 4 දෙනෙකුද නව මුහුණු වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ පළමු වතාවට වන අතර මන්ත්‍රී ආසන හිමි වූ අනෙක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ද තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙකුම පාර්ලිමේන්තුවට නවකයින් වනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවට නවකයින් ලෙස තේරී පත්වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු පාර්ලිමේන්තුවට නවකයින් ලෙස තේරී පත්වී සිටිනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් 9 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් නවකයින් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නවයින් ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙක්, මාතර දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු තේරීපත්වීමද විශේෂයක්.

මීට අමතරව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 3 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 8 දෙනෙකු පාර්ලිමේන්තුවට නවකයින් ලෙස තේරී පත්වී සිටිනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙකු, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 9 දෙනෙකු මෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට නව මුහුණු ලෙස තේරී පත්වුණා.

සමස්තයක් ලෙස මෙවර පාර්ලිමේන්තු ආසන හිමි කරගත් මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් 176 කට ආසන්න සංඛ්‍යාවක් පළමු වරට පාර්ලිමේන්තුවට තේරීපත් වීම විශේෂත්වයක්.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු මැතිඇමතිවරුන් 92 දෙනෙකුට මෙවර පාර්ලිමේන්තුවේ ආසන හිමි වී නැහැ.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජන කළ ප්‍රබල  දේශපාලන නියෝජිතයින් 75කට අධික පිරිසක් මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඒ අනුව සමස්ථයක් ලෙස දේශපාලන නියෝජිතයින් 167 අධික සංඛ්‍යාවකට‍ මෙවර පාර්ලිමේන්තු වරම් හිමි වන්නේ නැහැ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads